
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථානවල ගොඩනැගිලි වාණිජ වශයෙන් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කොළඹ නගරය ආශ්‍රිතව පිහිටි වැල්ලවත්ත, බම්බලපිටිය, කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානයන් පිහිටි භූමීන් හා ගොඩනැගිලි වාණිජ මධ්‍යස්ථාන වශයෙන් වැඩිදියුණු කිරීමේ ඉහළ විභවතාවක් පවතින බව 2023-11-06 දිනැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, එකී දුම්රිය ස්ථාන සහ ඊට අමතරව දෙහිවල සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ ඉදිකර, මෙහෙයුම් කර, පවරාදීමේ ක්‍රමවේදය යටතේ සංවර්ධනය කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන ආයෝජකයන් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීමටත් තීරණය කර තිබේ.
ප්‍රවාහන හා මහාමාර්ග ඇමතිවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස ඇමතිවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart