
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට හේතු වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනගේ බරපතළ ලෙස රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමාජය හා සාමයික කේන්ද්‍රය අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.
සමාජය හා සාමයික කේන්ද්‍රය, එහි සභාපති පියතුමා වන රොහාන් සිල්වා සහ පාස්කු ඉරිදා ප්‍රහාරයට ගොදුරු වූ සුරච් නිලංග යන අය විසින් මෙම පෙත්සම ගොනුකර ඇත්තේ එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කරමිනි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිගමන සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ නීතිපතිවරයාට නියෝග කරමින් මැන්ඩමස් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart