
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාණිජ කටයුතුවලදී යොදාගන්නා පුපුරන ද්‍රව්‍ය වර්ගයක් වන වෝටර් ජෙල් කූරු 650ක් සමඟ සැකකරුවකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාව ප්‍රකාශ කළේ පල්ලෙමුණේ ප්‍රදේශයේදී පොදු ප්‍රවාහන බස් රථයක් පරීක්ෂා කිරීමේදී 43 හැවිරිදි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු, අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය සමඟ මන්නාරම පොලිසිය වෙත භාරදී ඇත.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා නෞකාව මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ සහය ඇතිව විශේෂ සම්බන්ධීකරණ සෝදිසි මෙහෙයුම සිදුකර තිබිණි.
මෙම පුපුරන ද්‍රව්‍ය නීතිවිරෝධී ධීවර කටයුතු සඳහා යොදාගැනීමට ලබාගෙන ඇති බවට සැකකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart