
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සුප්‍රසිද්ධ ඉන්දීය බොලිවුඩ් නළු රන්වීර් සිං පුරුෂයන්ගේ ලිංගික සෞඛ්‍යය ප්‍රවර්ධනය සඳහා වන වෙළෙඳ සන්නාමයක දැන්වීමකට පෙනීසිටීම සම්බන්ධයෙන් කතාබහකට ලක්ව සිටියි.
ඔහු සමඟ එම දැන්වීමට පෙනී සිටින්නේ අන් කිසිවකු නොව ජනප්‍රිය නිල් චිත්‍රපට නළු ජොනී සින්ස්ය.
හාස්‍යය මතුකරමින් වුවත් මෙම දැන්වීම මගින් පෙන්වීමට උත්සහ කර ඇත්තේ බොහෝවිට ආසියානු රටවල සමාජයේ ප්‍රසිද්ධියේ කතාබහ නොකරන එහෙත් ඇත්ත වශයෙන්ම පවුල් ආරවුල්වලට මුල්විය හැකි ලිංගික ගැටලු පිළිබඳ කරුණකි.
මෙම දැන්වීම ඒකාබද්ධ පවුල් ආරවුලක් සම්බන්ධ සාමාන්‍ය ඉන්දියානු ජන සමාජයේ පවතින තත්ත්වය විදහා දක්වමින් ඇරඹේ.
දැන්වීමේ දී රන්වීර් සහ ජොනී සින්ස් ඇතුළු සමස්ත නළු නිළියන් සැරසී සිටින්නේ සාම්ප්‍රදායික ඇඳුමිනි.
ජොනී, නිල් කුර්තාවකින් සහ රන් පැහැ ජැකට්ටුවකින් සැරසී සිටින අතර බොලිවුඩ් නළු රන්වීර් මෙරූන් පැහැ කුර්තාවකින් සැරසී සිටිනු දක්නට ලැබේ.
දැන්වීම ආරම්භ වන්නේ රන්වීර් තම බාල සොහොයුරා වන ජොනීගේ බිරිඳගෙන් ඇය නිවස හැර යන්නේ මන්දැයි විමසීමෙනි.
ඉන්පසුව පවුලේ සාමාජිකයන් අතර බොහෝ දෙබස් හුවමාරු වේ.
පවතින ගැටලුවට පිරිමින්ගේ ලිංගික සෞඛ්‍යය වැඩි දියුණු කරන කැප්සියුලයක් ආධාරයෙන් පිළිතුරු ලැබීමත් සමගජොනීගේ බිරිඳ නැවත සිටීමට තීරණය කරන බව දැන්වීමෙන් කියැවේ.
විනෝදාස්වාදය දනවන රංගනයක නිරත වූ රන්වීර් දැන්වීම අවසානයේ සිය සැබෑ ස්වරූපයෙන් පෙනී සිටිමින් බැරෑරුම් ලෙස ප්‍රකාශ කරන්නේ ලිංගික ගැටලු සමාජය තුළ කතාබහට ලක් නොවුණ ද ඒ සඳහා විසඳුම් පවතින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart