January 30, 2024

Global Health Strategies, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම(Bill and Melinda Gates Foundation) සහ එහි දේශීය හවුල්කරුවන Connect to Care Organization විසින් ජනාධිපති ලේකම් කාර්යාලය තුළ වැඩසටහන් ඒකකයක් පිහිටුවීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අනාවරණය කළේය.

“බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ජනාධිපති කාර්යාලයට ලබාදීමට යෝජිත ප්‍රතිපත්තිමය සහාය සැළකිල්ලට ගැනීමෙන් පසු ඇමැති මණ්ඩලය මෙම පියවර අනුමත කළ බව” කැබිනට් තීරණ දැනුම් දීමේ ජනමාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය.

මෙම ඒකාබද්ධතාව ඔස්සේ ජනාධිපති කාර්යාලයට ප්‍රතිපත්තිමය ගැටළු සහ රජයේ වැඩසටහන් අධීක්ෂණය කිරීම සඳහා මාර්ගෝපදේශ සපයන බව ඇමැතිවරයා පවසයි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම, ලෝක බැංකුවේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් වැඩසටහන, ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති සහාය වැඩසටහන්, යනාදී බහු පාර්ශ්වකාර සංවිධාන ගණනාවක් සමඟ සම්බන්ධීකරණය පවත්වාගෙන යන අතර විවිධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සමඟ අන්තර් ක්‍රියා කරයි.

බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම විසින් ක්‍රියාත්මක කරන විවිධ වැඩසටහන් සඳහා නිසි සම්බන්ධීකරණය සහතික කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත විධායක කමිටුවක් පත්කරන බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.