
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අද (18) උදෑසන පාකිස්ථානය ඉරාන භූමියට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් හත්දෙනකු මියගිය බව, ඉරානයේ සිස්තාන් (Sistan) සහ බලුකිස්තාන් (Baluchistan) පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාර අලි රේසා මර්මහති (Ali Reza Marhamati) ඉරාන රාජ්‍ය රූපවාහිනියට පවසා ඇති බව වාර්තා වේ.
පාකිස්ථානුවන් මෙම මෙහෙයුම, “මාර්ග් බාර් සර්මාචාර්” (Marg Bar Sarmachar) ලෙස හදුන්වා තිබේ.
ඉරාන ෆර්සි භාෂාවෙන් “මාග් බාර්” යන්නෙන් “මරණය” අදහස් කරන අතර, දේශීය බලුච් (Baluch) භාෂාවෙන් “සර්මචාර්” ලෙස “ගරිල්ලන්” හදුන්වයි.
එය දෙරට අතර දේශසීමා කලාපයේ ක්‍රියාත්මක වන සටන්කාමීන් විසින් භාවිත කරනු ලබයි.
පාකිස්ථානයට ඉරානය විසින් පසුගිය අඟහරුවාදා එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව මෙම සිදුවීම සිදු වී තිබේ.
ඒ අනුව, ඉරාන ප්‍රාන්තයේ සිස්තාන් සහ බලුකිස්තාන්හි පිහිටි නගරයක් වන Saravan හි නිවාස ගණනාවකට පහර දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart