
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුම්බායි සිට බැංගලෝර් දක්වා ගුවන් යානයක ගමන් කරමින් සිටි ඉන්දීය මගියකු එම ගුවන් යානයේ වැසිකිළියක පැයකට වැඩි කාලයක් දොරෙහි ඇති වූ දෝෂයක් හේතුවෙන් සිරවී සිට ඇති බවට වාර්තා වේ.
පසුගිය අඟහරුවාදා අලුයම ගුවන් යානය බැංගලෝර් වෙත ගොඩබෑමෙන් පසු ඔහු බේරාගෙන තිබේ.
ඒ අනුව, මගියාට සිදු වූ අපහසුතාවය පිළිබඳව දක්වමින් ස්පයිස් ජෙට් (SpiceJet) සමාගම සිය කණගාටුව පළකර ඇති අතර, ඔහුට වන්දි මුදලක් ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත.
මගීන්ගේ අපහසුතා පිළිබඳ ගැටලු විසඳීම සඳහා රටේ ප්‍රධාන ගුවන් තොටුපළ හයේ ‘විශේෂිත කාමර’ පිහිටුවන බව ඉන්දියාවේ ගුවන් සේවා ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති අවස්ථාවක මෙම සිදුවීම සිදුව තිබේ.
එසේම, ඉන්දියාවේ කාර්යබහුලම ගුවන් තොටුපළක් වන දිල්ලි නුවර ඝණ මීදුමකින් වැසීයෑමෙන් පසුගිය ඉරිදා දින සිට අභ්‍යන්තර ගුවන් ගමන් සිය ගණනක් ප්‍රමාද වී ඇති බවටද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart