
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොබී (Bobi) නම් පෘතුගීසි සුනඛයා, ලොව වයස්ගතම සුනඛයා ලෙස, පසුගිය වසරේදී ගිනස් වාර්තාවක් පිහිටුවා ඇත.
බොබී සුනඛයා පසුගිය ඔක්තෝබර් මාසයේදී මියගියේ, වයස අවුරුදු 31 යි දින 165 දී බව වාර්තා වේ.
බොබි මියයන තුරු, ඊට පෙර සිටි වයස්ගතම සුනඛයා වූයේ, ඕස්ට්‍රේලියාවේ බ්ලූයි (Bluey) නම් සුනඛයායි.
1939 දී වයස අවුරුදු 29 දී එම සුනඛයා මියගොස් ඇති බව සඳහන් වේ.
එහෙත් සමහර පශු වෛද්‍යවරුන් බොබිගේ වයස පිළිබඳ සාක්ෂි ප්‍රශ්න කරන බව වාර්තා වන අතර, පශු වෛද්‍යවරුන්ගේ රාජකීය විද්‍යාලයේ සාමාජිකයෙකු වන ඩැනී චේම්බර්ස් (Danny Chambers) “මගේ පශු වෛද්‍ය සගයන්ගෙන් එක් අයකුවත් බොබිගේ වයස අවුරුදු 31ක් යැයි විශ්වාස කරන්නේ නැත” යනුවෙන් ද ගාඩියන් (The Guardian) පුවත්පතට පවසා ඇත.
ඒ අනුව, එම ගිනස් ලෝක වර්තාව පිලිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට වාර්තා වේ.
“අපගේ සමාලෝචනය සිදුවෙමින් පවතින අතර, අපගේ සොයාගැනීම් සියල්ල ක්‍රියාත්මක වී සන්නිවේදනය කරන තුරු පැරණිතම සුනඛයා සඳහා වන වාර්තා දෙකෙහිම අයදුම්පත් තාවකාලිකව අත්හිටුවීමට අපි තීරණය කළෙමු” යැයි එහි ප්‍රකාශකයකු AFP පුවත් ඒජන්සියට පවසා ඇත.
ඔහුගේ හිමිකරු වන, ලියොනල් කොස්තා (Leonel Costa) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සතුන්ගේ ආහාරවලට වඩා මිනිසුන්ගේ ආහාරවලට සමාන ආහාර ගැනීම බොබිගේ දීර්ඝායුෂට හේතු වූ බවයි.
ඒ අනුව මෙය බොහෝ පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශවලට පටහැනි බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart