
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ඩිගෝ ගුවන් සේවයේ දිල්ලි සිට ගෝවා දක්වා ගමන්ගත් ගුවන් යානයක්, පසුගිය ඉරිදා සවස මීදුම් තත්ත්වය හේතුවෙන් පැය 13ක් ප්‍රමාද වීම නිසා එහි සිටි මගියෙක් ගුවන් නියමුවාට පහරදී ඇත.
පසුව අත්අඩංගුවට ගත් දිල්ලියේ ලිපි ද්‍රව්‍ය සාප්පුවක් හිමි සහිල් කටාරියා නමැති මෙම මගියා ඇප මත මුදාහැර තිබේ.
ඔහු එදින සිය බිරිඳ සමඟ ගමන් කර ඇත.
නියෝජ්‍ය පොලිස් කොමසාරිස් (IGI) දේවේෂ් මහ්ලා සඳහන් කර ඇත්තේ, කටාරියා ගුවන් නියමුවාට පහර දී නරක ලෙස හැසිරුණු බවට නියමු අනුප් කුමාර්ගෙන් පැමිණිල්ලක් ලැබුණු බවයි.
“ඔහු සහාය නියමුවාට පහර දී ගුවන් යානය තුළ කරදරයක් ඇති කර ඇත. අනුප් කුමාරගෙන් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තියෙනවා. මෙම පදනම මත, ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ (IPC) වගන්ති යටතේ ස්වේච්ඡාවෙන් රිදවීම සහ වැරදි ලෙස රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමට අදාළව FIR ගොනු කර ඇත.” මහ්ලා පවසයි.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ (CrPC) 41 වැනි වගන්තිය යටතේ කටාරියාට නොතීසියක් ලබා දෙන බවත්, පරීක්ෂණයට සම්බන්ධ වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින බවත්, මහ්ලා සඳහන් කර ඇත.
එමෙන්ම එම වරද ඇප දිය හැකි වරදකි.
මෙම පහරදීමෙන් පසු ගුවන් සේවිකාවක් තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරන විට ගුවන් නියමුවා පසුබසිනු විඩියෝවෙහි දක්නට ලැබේ.
මගියා ගුවන් නියමුවාට බැනවදින අතර, තමාට නියමිත වේලාවට ගුවන් යානය ගොඩබෑමට නොහැකි නම්, ගුවන් යානයේ දොරවල් විවෘත කර සියලු මගීන්ට පිටතට යෑමට ඉඩදෙන ලෙස පවසනු දක්නට ලැබේ.
එවිට ගුවන් සේවිකාව ගුවන් නියමුවාට පහර දීම සම්බන්ධයෙන් මගියාට තරවටු කරමින් කෑගසන හඬ ඇසේ.
තවත් මිනිසෙක් ඉදිරියට පැමිණ ප්‍රහාරකයා සන්සුන් කිරීමට උත්සාහ කර ඔහුව ඔහුගේ අසුනට ගෙන යයි.
සිද්ධියෙන් පසු ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධියට අදාළව සුදුසු ක්‍රියාමාර්ග සඳහා ස්වාධීන අභ්‍යන්තර කමිටුවකට යොමුකරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart