
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැනඩාව පදනම් කරගත් තහනම් Babar-Khalsa ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජික, සත්වින්දර් සිං (Satwinder Singh) හෙවත් ගෝල්ඩි බ්‍රාර් (Goldy Brar) නිති විරෝධී ක්‍රියාකාරකම් වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදියකු ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පසුගිය සඳුදා (ජනවාරි 01) ප්‍රකාශයට පත්කර තිබේ.
පුද්ගලයන්ට තර්ජනාත්මක ඇමතුම් ලබා දීම සහ රැඩිකල් මතවාදය ප්‍රකාශ කිරීම හේතුවෙන්, අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය එම තීරණය ගත්බව නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
ඔහු ඩ්‍රෝන යානා මගින් අවි ආයුධ, පතොරම් සහ පුපුරණ ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වී ඇති අතර, ඝාතන සිදු කිරීම සඳහා ද ඔහු සම්බන්ධ වී ඇති බව අමාත්‍යාංශය පවසයි.
කැනඩාවේ සිටියදී හෙතෙම මෙම අපරාධ සිදු කළ බවට චෝදනා ලබන අතර, ඔහු කැනඩාවේ සිටින බවට විශ්වාස කෙරේ.
එහෙත්, කැනඩාවේ කිසිදු අපරාධ වරදක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී නොමැත.
ගෝල්ඩි බ්‍රාර් සහ ඔහුගේ සාමාජිකයන් පන්ජාබ් ප්‍රාන්තයේ සාමය, වාර්ගික සහජීවනය, නීතිය හා සාමය කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර ඇත.
පන්ජාබි ගායක සිදුහත් මූස් වාලා (Sidhu Moose Wala) ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරු ලෙස සැලකෙන ගෝල්ඩි බ්‍රාර්, කැනඩාවට වඩාත්ම අවශ්‍ය අපරාධකරුවන් 25 දෙනාගේ ලැයිස්තුවටද ඇතුළත් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart