
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නෙප්චූන් සහ යුරේනස් ග්‍රහලෝකවල වර්ණ පිළිබඳ ඇති අදහස වැරදි බව, බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයන් විසින් මෙහෙයවන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
1980 වර්ෂයේදී පමණ සිදුකළ අභ්‍යවකාශ මෙහෙයුමක පින්තූර මගින් නෙප්චූන් දීප්තිමත් නිල් සහ යුරේනස් කොළ පැහැයෙන් යුක්ත බව සොයාගෙන තිබිණි.
එහෙත්, මෙම ග්‍රහලෝක දෙකම කොළ පැහැයට හුරු නිල් පැහැයට සමාන බව මෙම නව අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
මෙම පර්යේෂණය සදහා පර්යේෂකයන් විසින්, යුරෝපීය දක්ෂිණ නිරීක්ෂණාගාරයේ ඉතා විශාල දුරේක්ෂයන්වන, Hubble Space Telescope Imaging Spectrograph සහ Multi Unit Spectroscopic Explorer වෙතින් ලබාගත් දත්ත භාවිත කර ඇත.
උපකරණ දෙකෙහිම, සෑම පික්සලයක්ම අඛණ්ඩ වර්ණාවලියක් වන අතර, එමඟින් ග්‍රහලෝක දෙකෙහිම සැබෑ වර්ණ නිපදවීමට පර්යේෂකයන්ට හැකි වී තිබේ.
යුරේනස් ග්‍රීෂ්ම ඍතුවේ සහ ශීත ඍතුවේ දී එහි එක් ධ්‍රැවයක් සූර්යයා දෙසට යොමු වූ විට තරමක් කොළ පැහැයෙන් දිස්වන බව අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.
එහෙත්, වසන්ත හා සරත් සෘතුවේ දී, සූර්යයා සමකයට ඉහළින් සිටින විට, එය නිල් පැහැයක් ගනී.
පර්යේෂණයට නායකත්වය දුන්, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය පැට්‍රික් අර්වින් පවසන්නේ, ග්‍රහලෝක දෙකේ බොහෝ නවීන රූප ඒවායේ සැබෑ වර්ණය නිවැරදිව පිළිබිඹු නොකරන බව තාරකා විද්‍යාඥයන් බොහෝ කලක සිට දැනසිටි බවයි.
රාජකීය තාරකා විද්‍යා සංගමයේ (RAS) නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය Robert Massey පැහැදිලි කර ඇත්තේ, තාරකා විද්‍යා පර්යේෂණවලදී රූප වැඩි දියුණු කිරීම සාමාන්‍ය ක්‍රියාවලියක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart