
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය පෙබරවාරි මාසයේ සතියක කාලයක් එක්සත් ජනපදය හරහා ගමන් කළ චීන බැලූනය, සන්නිවේදනය සඳහා ඇමරිකානු අන්තර්ජාල සේවා සපයන්නකු (American internet service provider) භාවිතා කළ බවට එක්සත් ජනපද බුද්ධි අංශ නිලධාරීන් අනාවරණය කර තිබේ.
නමුත්, මේ සදහා සම්බන්ධිත ආයතනය කුමක්ද යන්න පිළිබදව තවමත් අනාවරණය කරගෙන නොමැත.
ජනවාරි 28 වැනි දින ඇලස්කාව හරහා ගමන්ගත් බැලුනය, මොන්ටානාහි මැල්ම්ස්ට්‍රොම් ගුවන් හමුදා කඳවුර හරහා එක්සත් ජනපද ගුවන් සීමාවට ඇතුළු වී තිබේ.
චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක Liu Pengyu පවසන්නේ, එය කාලගුණ විද්‍යා පර්යේෂණවල නිරත වූ කාලගුණ බැලුනයක් බවත්, කාලගුණ වෙනස්වීම් හේතුකොට ගෙන නොදැනුවත්වම එක්සත් ජනපද ගුවන් කලාපයට ගසාගෙන ගොස් ඇති බවයි.
නමුත්, එක්සත් ජනපදය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.
ඒ අනුව, ජෙනරල් මාර්ක් මිලී සහ නෝරාඩ් ප්‍රධානී ජෙනරාල් ග්ලෙන් වැන්හර්ක් එම බැලුනයේ ලක්ෂණ තක්සේරු කිරීම සඳහා F-22 ජෙට් යානා යෙදවීමට කටයුතු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart