
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2008 වර්ෂයේ සිදු වූ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු වන, හෆීස් සයීඩ් පිටුවහල් කරන ලෙස ඉන්දියාව පාකිස්ථානයෙන් ඉල්ලීමක් කර තිබේ.
පුද්ගලයන් 166 දෙනකුට මරු කැඳවමින් 2008 වසරේ මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ ලෂ්කාර්-ඊ-තයිබා (Lashkar-e-Taib) සංවිධානයේ නිර්මාතෘ ලෙසද මොහුව හදුන්වයි.
හෆීස් ඉන්දියාවේ නඩු විභාගයට මුහුණදීම සඳහා පිටුවහල් කරන ලෙස, පාකිස්ථානයට ඉල්ලීමක් යවා ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ත්‍රස්තවාදී මූල්‍ය නඩු කිහිපයකට වසර ගණනාවක සිට වරදකරුවකු වීමෙන් පසු හෆීස් 2019 වර්ෂයේ සිට පාකිස්ථානයේ සිරගතව සිටියි.
මොහු එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කරන ලද ත්‍රස්තවාදියකු බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක, Arindam Bagchi පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart