
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
‘කැප්ටන්’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ විජයකාන්ත් දීර්ඝ කාලයක සිට රෝගාතුරව සිට චෙන්නායිහි පෞද්ගලික රෝහලකදී අද (28) දින අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු කොවිඩ් රෝගය වැළඳීමෙන් චෙන්නායිහි දී මියගිය බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
1952 අගෝස්තු 25 වැනි දින මදුරෙයිහිදී උපත ලැබූ ඔහු අභාවප්‍රාප්ත වනවිට 71වැනි වියේ පසුවිය.
1979 දී ‘ඉනිකුම් ඉලමයි’ (Iniikum Ilamai) චිත්‍රපටයෙන් සිනමා කර්මාන්තයට පිවිසි විජයකාන්ත්, සෙන්තූර පූවේ (Senthoora Poove), පුලන් විසරනායි (Pulan Visaranai), චත්රියන් (Chatriyan), කැප්ටන් ප්රභාකරන් (Captain Prabhakaran), චින්න ගවුන්ඩර් (Chinna Gounder), සේතුපති අයි.පීඑ.ස් (Sethupathi IPS), හොනස්ට් රාජ් (Honest Raj), වනාතයි පොළ (Vanathai Pola), සහ රාමනා (Ramana) යන චිත්‍රපට සදහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබේ.
ඔහු 2005දී DMDK පක්ෂය හරහා ඔහු දේශපාලනයට පිවිසි අතර, 2006 වසරේ පැවැති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී විරුධාචලම් මැතිවරණ කොට්ඨාශයෙන් ජයග්‍රහණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart