
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිසි ක්‍රමවේදයන්ගෙන් තොරව ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ප්‍රමිතියෙන් තොර HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි මිල දී ගෙන වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට ගොස් එහි ලිපි ලේඛන ගොනු තොගයක් ඊයේ (21) පෙරවරුවේ පරීක්ෂාවට ලක්කර ඇත.
මෙම ලේඛන පරීක්ෂාව සිදුකර ඇත්තේ, මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රමගෙන් ලද නියෝගයකට අනුව බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.
පෙරවරු 9.00ට පමණ වෛද්‍ය සැපයුම් අංශයට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැය කිහිපයක් පුරාවට ලිපිගොනු රැසක් දැඩි පරීක්ෂාවකට ලක්කර තිබේ.
එහිදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හැකියාව ලැබී ඇත.
මෙහිදී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායකගේ කාර්යාලයේ ඇති ලිපිගොනු රැසකි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකාවක වන සොලමන් වශිහරන්, එහි සැපයුම් අංශයේ ගණකාධිකාරී නිරාන් ධනංජය සහ තොග පාලක සුජිත් වසන්ත කුමාර යන සිව්දෙනා පෙරේදා (20) දිනයේදී අත්අඩංගුවට ගනු ලැබිණි.
ඔවුන් සිව්දෙනා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.
වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාගේ කාමරය ඉබි යතුරු දමා වසා තබන ලෙස එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අධිකරණය මඟින් නියෝගයක්ද නිකුත් කරනු ලැබීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ඊයේ (21) දින ලිපිගොනු පරීක්ෂා කිරීමට නියෝගයක් ද ඒත් සමඟ ලබාදීමට අධිකරණය පියවර ගත්තේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ අනුව ඊයේ (21) දින ලිපිගොනු පරීක්ෂාව සිදු කර තිබිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 05ක් සම්බන්ධයෙන් HUMAN IMMUNOGLOBULIN නමැති ප්‍රතිදේහ එන්නත් කුප්පි මිල දී ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව කීය.
එම විමර්ශනයට අදාළව අධිකරණය මඟින් මේ වන විට පුද්ගලයන් 13 දෙනකුගේ විදෙස් ගමන් තහනම් කර ඇති බව ද නිහාල් තල්දූව පැවැසීය.
අදාළ එන්නත් කුප්පි වෛද්‍ය සැපයුම් අංශයට ලබාදුන් සමාගමේ ප්‍රධානියකු ද මෙයට පෙර අත්අඩංගුවට ගෙන තිබුණු බවත් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බවත් නිහාල් තල්දූව සඳහන් කළේය.
වෛද්‍ය සැපයුම් අංශයේ සිව්දෙනා ද සමඟ මේ වන විට මෙම සිදුවීමට අදාළව පස්දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart