
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන-මියන්මාර ආර්ථික කොරිඩෝවට(CMEC) ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීම චීනය දැඩි උනන්දුවක් දක්වන අතර, තීරය සහ මාර්ග මුලපිරීමේ (BRI) දෙවන අදියර සඳහා ශ්‍රී ලංකාවද සිය සූදානම ප්‍රකාශ කර ඇත.
චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ෂෙන් යිකින් (Shen Yiqin) ඊයේ කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී මේ බව අනාවරණය විය.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී දෙපාර්ශ්වය එකඟතාවකට එළැඹ තිබේ.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ඇතුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනය ලබාදෙන සහාය මෙහිදී අගය කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයාට සහ රජයට සිය ස්තූතිය පිරිනමා ඇත.
එසේම සංචාරක, ක්‍රීඩා සහ කෘෂිකර්ම ක්ෂේත්රවලට අදාළව දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම ශ්‍රී ලංකාවේ අභිලාෂය බව පවසා ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හම්බන්තොට වරාය සහ වරාය නගරය මේ වන විට ආයෝජන සඳහා සූදානම්ව පවතින බවද සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart