
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදා කෝප්රල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මොරොන්තුඩුව පොලිසිය පැවසුවේ, මෙම පුද්ගලයා 08 හැවිරිදි දැරියකට ලිංගික අතවර කර ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බවයි.
කෝප්‍රල්වරයා පානදුර, නල්ලූරුවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජනේරු සේවා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරන අතර, නොවැම්බර් 15 සිට 21 දක්වා නිවාඩු ලබා සිටි කාලය තුළ ඔහු බාල වයස්කාර දැරියට අතවර කර ඇති බව වාර්තා වේ.
කෝප්‍රල්වරයා තම දරුවාට ලිංගික අතවර කළ බව පවසමින් ඇගේ මව විසින් පැමිණිල්ල ගොනුකර තිබූ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart