
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශාල පිරිසක් බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි .
පහරකෑ පුද්ගලයා නගර මධ්‍යයේ ලේ විලක් මැද වැටී සිටියදී කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවත්, රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.
බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පහරදීම සිදුකර ඇති බවත්, පහරකාගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිව ඒමේදී මහමග ඇදවැටී ඇති බවත්, සදහන් වේ.
මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැව්රිදි එක්දරු පියකු බවත්, ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු බවත්, සදහන් වේ.
ප්‍රදේශයේ ආරක්ෂක කැමරා දර්ශණ උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකරන බව පොලිසිය සදහන් කරයි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart