
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නාවිකයකු නවාතැන් ගැනීමේදී ඇති වූ ආරවුලක් මත කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් 42 හැවිරිදි තවත් නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පිහි ඇනුමකින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහලට රැගෙන ඒමේදී මියගොස් ඇතැයි ත්‍රිකුණාමලය රෝහල් පොලිස් මුරපොළට ලැබුණු තොරතුරක් මත ත්‍රිකුණාමලය වරාය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට අනුයුක්ත නාවිකයන් සිව්දෙනකු නවාතැනක මත්පැන් පානය කර ඇති අතර, මියගිය පුද්ගලයා සහ අනෙක් නාවිකයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ඔවුන්ගෙන් දෙදෙනෙක් එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවත්, අනතුරුව මෙම පිහි ඇනුම සිදුකර ඇති බවත්, විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා සහ සැකකරු මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart