
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අනියම් බිරිඳට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පළාගිය බව කියන “පැලවත්තේ පොඩි පුතා” නම් අයෙක් අත්අඩංගුවට ගැනීමට මීගහතැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඊයේ (31) රාත්‍රී 10ට පමණ එල්ලවී ඇති මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර ඇත්තේ, වලල්ලාවිට, මඟුරුමස්විල, පුහුවලකන්දේ පදිංචි ඉලේපෙරුම ආරච්චිගේ ලෙස්ලි කාන්ති නම්වූ 44 හැවිරිදි කාන්තාවකි.
තමා රාත්‍රි 8.00 ට පමණ කුරුඳු තැලීම් කටයුතු අවසන්කොට කුස්සියට ගොස් බත් බෙදා ගනිමින් සිටියදී කාමරයේ සිටි බිරිඳ “පොඩි පුතා මට ඇසිඩ් ගැසුවා” කියා කෑ ගැසූ බවත්, ඒ අනුව තමා ඒ දෙසට යන විට පැලවත්තේ පොඩි පුතා යන අය එක් අතක ජෝගුවක් හා අනෙක් අතේ අඩි 2 1/2 ක් පමණ දිග මාලු කපන මන්නයක් සහිතව ඉදිරි දොරෙන් පිටව ගිය බවත්, කුලප්පු තන්ත්‍රිගේ ඥාණදාස (48) යන අය පොලිසියට පැමිණිලි කර ඇත.
මුහුණ, බෙල්ල, පපුව, බඩ, අත් හා කකුල් පිළිස්සී සිටි බිරිඳව පුතා සමග එක්ව වතුර දමා සෝදා මීගහතැන්න රෝහලට ගෙන ගිය බවත්, එතැනින් කළුතර නාගොඩ රෝහලට මාරු කර යැවූ බවත්, ඔහු කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
එමෙන්ම කලක සිට මෙම පොඩි පුතා යන අය සමග සිය බිරිඳ අනියම් සබඳතාවක් පැවැත් වූ බවද ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart