
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෞද්ගලික විශ්වවිද්‍යාල 24ක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බව අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (19දා) අනාවරණය කළේය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අමතරව අන්තර්ජාතික විශ්වවිද්‍යාල, ඊට අනුබද්ධ ආයතන රැසක් රට තුළ පවතින බවත්, ඒවාට නිසි නියාමනයක් හෝ ප්‍රමිතියක් හෝ නොමැති බවත් ඇමැතිවරයා පෙන්වාදුන්නේය.
විශ්වවිද්‍යාල කොමිෂන් සභාව යල්පැන ගිය එකක් බවත්, ජාතික විශ්වවිද්‍යාල මෙන්ම අන්තර්ජාතික විශ්වවිද්‍යාල නිසි ප්‍රමිතියකින් හා නියාමනයකින් පවත්වාගෙන යෑම සඳහා උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් පිහිටුවීමට යෝජනා කර ඇති බවත්, ඇමැතිවරයා සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart