
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අප්‍රිකානු සංගමය G20 සංවිධානයට ඇතුළත් කිරීම විශාල ජයග්‍රහණයක් බවත්, එය ඉන්දියාව “ගෝලීය දකුණේ හඬ” ලෙස ඉස්මතුවූ ප්රමුඛ අවස්ථාවක් බවත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ (UNGA) සභාපති ඩෙනිස් ෆ්‍රැන්සිස් පවසයි.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී, අප්‍රිකානු සංගමය ඉන්දියාවේ සභාපතිත්වය යටතේ G20 හි පූර්ණ සාමාජිකයකු බවට පත් කරන ලද අතර, ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටුකරන ලද්දේ ඉන්දියාවයි.
එය “මාස්ටර් ස්ට්‍රෝක් එකක්. ඉන්දියාව කලක සිට ගෝලීය දකුණේ හඬක් වී ඇත,” යැයි ෆ්‍රැන්සිස් පෙන්වාදෙයි.
G20 කණ්ඩායමට අප්‍රිකානු සංගමය ඇතුළත් කිරීම “ඇත්ත වශයෙන්ම මෙම සංවිධානයේ සැබෑ අවශ්‍යතාව නිර්වචනය වන මොහොතක්” බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart