
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.10.07 වන දින දෙහිවල පොලිස් වසමේ ධර්මපාලාරාමය මාර්ගයේ ඕබන් සයිඩ් ප්‍රදේශයේ දී වැටළීමක් සිදුකර ඇත.
එහිදී සැකකටයුතු පුද්ගලයකු පරීක්ෂාවට ලක්කිරීමේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 20ක් හමුවී ඇත.
පසුව අංක 34/8 ඒ, ශ්‍රී ධර්මපාලාරාම පාර, ගල්කිස්ස පිහිටි සැකකරුගේ නිවස පරීක්ෂාවට ලක්කිරීමේ දී විවිධ ප්‍රමාණයේ කඩු 06ක් හා අනන්‍යතාව තහවුරු කරගත නොහැකි සැකකාර පුද්ගලයින් සිව්දෙනකුද නිවසේ සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
ධර්මපලාරාම පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක් වන මෙම ප්‍රධාන සැකකරු නුවන් නොහොත් “ඇටයා’’ යන සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයකු බවට කරුණු අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිව්දෙනාගෙන් දෙදෙනකු හට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම අනෙක් සැකකරුවෝ සිව්දෙනා තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 – 28 අතර වයසේ පසුවන්නෝ වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart