
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හෙට (03) රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පවසයි.
මීට පෙර පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු වූ ලලිත් එල්ලාවල, දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා කොංග්‍රසය (FPC) නියෝජනය කරනු ලබයි.
ටිරාන් අලස් ඇමැතිවරයා විසින් අපරාධ ඉහළ යෑම සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනයට ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් , ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට එල්ලාවල මන්ත්‍රීවරයා මීට පෙර ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.
ඇමැති අලස්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම සඳහා සාකච්ඡා ආරම්භ කළ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට රැස්වී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව එල්ලාවල මන්ත්‍රීවරයා ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart