
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාව කඩුලු 10කින් පරාජය කළ ඉන්දීය කණ්ඩායම ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශුරතාව දිනාගැනීමට අද සමත්විය.
කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැති අවසන් මහා තරගයේ දි ශ්‍රී ලංකාව ලකුණු 51ක පහසු ඉලක්කයක් ඉන්දියාවට ලබාදුන් අතර, ඔවුහු පන්දුවාර 06යි එක් පන්දුවක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය පහසුවෙන් පසුකර ගියහ.
ඒ අනුව, ආසියානු කුසලාන ශුරතාව අවස්ථා 08 කදී ජයග්‍රහණය කිරීමට ඉන්දියාව අද සමත්වූයේ ආසියානු ප්‍රබලයන් බවට පත්වෙමිනි.
2018 වසරෙන් පසුව ඉන්දියාව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ශුරතාව හිමිකරක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
තරගාවලියේ විරයා කුසලානය කුල්දීප් යාදව්ට හිමිවූ අතර, තරගාවලියේ වැඩිම කඩලුලාභියා සම්මානය ශ්‍රී ලංකාවේ මතිෂ පතිරණට හිමිවිය.
සුබ්මන් ගිල් තරගාවලියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරු ලෙස සම්මානයට පාත්‍ර විය.
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ඉෂන් කිෂන් ලකුණු 22ක් සහ සුබ්මන් ගිල් ලකුණු 27 ක් රැස්කළහ.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 50කට සීමාවූයේ ආසියානු කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමිනි.
එමෙන්ම එය ශ්‍රී ලංකාව අන්තර්ජාතික තරග ඉතිහාසයේ වාර්තා කළ දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද විය.
අද තරගයේදී පිතිකරුවන් වගකීම් විරහිතව පිතිකරණයේ යෙදුණු අතර, එකදු පිතිකරුවකුට හෝ දක්ෂතා දැක්වීමට හැකියාව නොලැබිණි.
ආසියානු කුසලාන තරගාවලියක දෙවන හොදම පන්දු යැවිම වාර්තා කළ මොහොමඩ් සිරාජ් කඩුලු 06ක් සහ හර්ඩික් පාන්ඩ්යා කඩුලු 03ක් දවාගත්හ.
සිරාජ් හතරවන පන්දුවාරයේදි ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 04ක් 0දවාගැනිමටද සමත්වූයේ, ඔහුගේ හොදම එක්දින පන්දු යැවීමද ශ්‍රී ලංකාව ඉදිරියේ ලියාතබමිණි.
අවසන් මහාතරගයේ වීරයා සම්මානය මොහොමඩ් සිරාජ්ට හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart