
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර දෙකකට පෙර මුදල් හුවමාරු ගිවිසුමකින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 250න් තවත් ඩොලර් මිලියන 100ක් ඊයේ ආපසු ගෙවූ බව බංග්ලාදේශ මහ බැංකුව සදහන් කර ඇත.
මෙම නව වාරිකය සමග එම ණය මුදලෙන් ඩොලර් මිලියන 150ක් ආපසු ගෙවා ඇති බව මහ බැංකු ප්‍රකාශක MD Mezbaul Haque පවසයි.
ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග මෙම මුදල් හුවමාරු ගිවිසුමට එළඹ ඇත්තේ 2021 වසරේ අගෝස්තු මාසයේ දී බව සදහන් වේ.
එකඟ වූ ආකාරයට ආපසු ගෙවීම සිදුකළ යුතු වන්නේ එදින සිට වසර එකහමාරකට පසුව බවද බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කරයි.
අගෝස්තු 17 වැනිදා පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ආපසු ගෙවූ බවත් ඉතිරි මුදල සැප්තැම්බර් මාසය වනවිට ගෙවීමට බලාපොරොත්තු වන බවත් මීට පෙර ප්‍රකාශ කෙරිණි.
බංග්ලාදේශය වාරික තුනකින් ගෙවීමට මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති අතර බංග්ලාදේශය ඕනෑම රටකට ලබාදුන් පළමු ණය මුදල වන්නේ එයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart