
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) සිය පක්ෂයට කිසිසේත්ම තර්ජනයක් නොවන බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සන්ධානගත වන ලෙස අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලට විවෘත ආරාධනාවක් ඊයේ සිදුකළේය.
කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියාසිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට රට තුළ ජනවරම අහිමි වී ඇති බවත්, ඔවුන් නැවත පක්ෂය පණ ගැන්වීමට උත්සාහ කරන බවත්ය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයක් නෙවෙයි. එහි නිලතල දරන්නන් කෝ? එහි ප්‍රතිපත්ති, දැක්ම සහ ක්‍රියාකාරී සැලැස්ම කෝ?” යැයි හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
විශේෂඥ වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රට හැර යන මේ මොහොතේ සෞඛ්‍ය ක්ෂේත්රය සහ උසස් අධ්‍යාපන ක්ෂේත්රය අවුල් සහගත තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පැවසීය.
බුද්ධිගලනය නැවැත්වීමට විසඳුමක් සෙවීමට රජය අපොහොසත් වී ඇති බවද ඔහු පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart