
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වූ මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ ‘MV Empress’ නමැති මඟී නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව අද ( අගෝස්තු 29) කටයුතු කර තිබේ.
‘MV Empress’නමැති මඟී නෞකාවේ සිටින ඉන්දීය ජාතිකයෙකු හදිසි රෝගාබාධයකට ලක්වූ බවත්, එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත එම මඟී නෞකාව වෙතින් දැනුම් දී ඇත.
ඒ අනුව වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි එම ඉන්දීය ජාතිකයා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 491 වේග ප්‍රහාරක යාත්‍රාව එම මඟී නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත යොමු කරනු ලැබීය.
අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි ඉන්දීය ජාතිකයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කළ බව නාවික හමුදාව නිවේදනය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart