
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රදර්ශනය කර ඇති වටිනා සිතුවමක සත්‍යතාව පිළිබඳව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එහිදී ඔහු විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ගෙන් විමසා සිටියේ එහි තිබූ මුල් සිතුවම සොරකම් කර ඒ වෙනුවට ව්‍යාජ පිටපතක් ආදේශ කර ඇත්ද යන්නයි.
කීර්තිමත් ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පී ස්ටැන්ලි කිරින්දේ විසින් නිර්මාණය කරන ලද මුල් සිතුවම වර්තමානයේ අමාත්‍යාංශයේ ප්‍රදර්ශනය කර නොමැති බවට චිත්‍ර ශිල්පිනියක සහ සිතුවම් ප්‍රතිසංස්කරණ ශිල්පිනියක වන සර්බජිත් කෞර් විසින් නිකුත් කළ ලිපියක් උපුටා දක්වමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.
සිතුවම් දෙකක පිටපත් සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා පැවසුවේ “මේ තිබෙන්නේ මුල් සිතුවමයි. මේ තිබෙන්නේ දැන් ඔබතුමාගේ කාර්යාලයේ එල්ලා ඇති සිතුවමයි. මම සර්බජිත් කෞර් මහත්මියගේ ලිපිය සභාගත කරනවා. ඇයගේ මතය අනුව දැන් එහි ඇත්තේ ව්‍යාජ සිතුවමක්.” යනුවෙනි.
මෙම කලා කෘතිය විදේශ කටයුතු අමාත්‍යාංශය සතු වඩාත්ම ප්‍රසිද්ධියට පත් සිතුවමක් බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එය පොත් කවර කිහිපයකට මෙන්ම නත්තල් සුබපැතුම් පත් සඳහා ද යොදාගෙන ඇති බව සඳහන් කළේය.
තමන් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමය සිහිපත් කළ මන්ත්‍රීවරයා, එම කාලය තුළ ද තවත් සිතුවම් දෙකක් මිලදී ගත් බවත්, ඒවා තවමත් නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ සුරක්ෂිතව ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පැවසීය.
“මෙවැන්නක් සිදුවන්නේ කෙසේද? මෙය සත්‍යයක්ද? මෙම වාර්තාව නිවැරදිද? කවුරුන් හෝ මෙය සොරකම් කළාද? එසේ නම් ඔබ ඒ ගැන සොයා බැලිය යුතුයි,” යනුවෙන් ඔහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.
ඊට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ මෙම සිදුවීම වත්මන් රජය බලයට පත්වීමට පෙර සිදුවූවක් බවයි. “ඒක අපේ කාලෙට කලින් වුණු දෙයක්,” යැයි ඔහු සඳහන් කළේය.
ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා කියා සිටියේ මෙම සිදුවීම වත්මන් රජය බලයට පත්වීමට පෙර සිදුවූවක් ද යන්න තමන්ට අදාළ නොවන බවත්, කවුරුන් හෝ ඊට වගකිව යුතු බවත්ය. මෙම සිදුවීමෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කැපවීමෙන් හා වෙහෙස මහන්සි වී වැඩ කරන කාර්ය මණ්ඩලයට කිසිදු කැළලක් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා, එහෙත් එය අමාත්‍යවරයාට සහ රජයට බලපාන කරුණක් බව අවධාරණය කළේය.
2025 ජනවාරි 16 වන දිනැති සිය ලිපියේ සර්බජිත් කෞර් සඳහන් කර ඇත්තේ, අමාත්‍යාංශයේ ආරාධනයකට අනුව 2009 වසරේදී තමන් කිසිදු මුදලක් අය නොකර මෙම සිතුවම ප්‍රතිසංස්කරණය කළ බවයි. 2025 ජනවාරි 6 වන දින තමන් නැවතත් එම සිතුවම පරීක්ෂා කළ බවත්, එහිදී එය මුල් සිතුවම නොවන බවට තහවුරු වූ බවත් ඇය පවසා තිබේ.
සිතුවමේ ඇති අත්සන්, වර්ණ, මුහුණුවල සියුම් ලක්ෂණ සහ ගෘහ නිර්මාණ ලක්ෂණවල පවතින වෙනස්කම් මෙන්ම, 2009 ප්‍රතිසංස්කරණයේදී තමන් විසින් පිළිසකර කරන ලද මුල් සිතුවමේ තිබූ පළුදු වීම් වර්තමාන සිතුවමේ දක්නට නොලැබීම යන කරුණු ඇය සිය නිගමනයට පාදක කරගෙන ඇත. ඒ අනුව, දැනට අමාත්‍යාංශයේ ප්‍රදර්ශනය කර ඇත්තේ ව්‍යාජ අනුකරණයක් බව ඇය සිය ලිපියෙන් නිගමනය කර තිබේ.
‘රෝමයට ගිය දූත පිරිස’ (Embassy to Rome) යනුවෙන් නම් කර ඇති මෙම සිතුවම 1997 වසරේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇණවුමක් මත නිර්මාණය කරන ලද්දකි. අඩි 10ක් දිග සහ අඩි 6ක් පළල කොටස් තුනකින් යුත් තෙල් සායම් සිතුවමක් වන මෙමගින් නිරූපණය කෙරෙන්නේ, ක්‍රිස්තු පූර්ව 22 සිට ක්‍රිස්තු වර්ෂ 7 දක්වා අනුරාධපුර රාජධානිය පාලනය කළ භාතිකාභය රජු විසින් යවන ලද සිංහල තානාපතිවරුන් සිව්දෙනෙකු රෝම අධිරාජ්‍යයා වූ ඔගස්ටස් සීසර් විසින් පිළිගන්නා ආකාරයයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart