November 22, 2026

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ධුර කාලයේ මාස 26 තුළ විදේශ සංචාර 33ක් සඳහා රුපියල් මිලියන 1,010ක් වැය කර ඇති අතර, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඒ හා සමාන කාලසීමාවක් තුළ විදේශ සංචාර අටක් සඳහා වැය කර ඇත්තේ රුපියල් මිලියන 31.7ක් පමණක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

2022 සැප්තැම්බර් 17 වැනිදා එක්සත් රාජධානියේ සිදු කළ සංචාරයේ සිට 2024 ජුනි 8 වැනිදා සිදු කළ ඉන්දීය සංචාරය දක්වා වූ කාලය තුළ හිටපු ජනාධිපතිවරයා නිරත වූ මෙම විදේශ සංචාර 33 සඳහා පුද්ගලයින් 421 දෙනකු ඔහු සමඟ එක්වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

ඊට සාපේක්ෂව, ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ධුර කාලයේ පළමු මාස 26 තුළ විදේශ සංචාර අටක නිරත වී ඇති අතර, ඒ සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 31.7කි.

එම සංචාරවලට අදාළව වත්මන් ජනාධිපතිවරයා කිසිදු අතිරේක හෝ සංයුක්ත දීමනාවක් ලබාගෙන නොමැති බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් සඳහන් කළේය.