November 20, 2026

විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ආසන්න මුණසිංහගම ප්‍රදේශයේදී මන්දකට හසු වී සිටි වළස් දෙනක බේරාගෙන නිරුපද්‍රිතව යළි වනාන්තරයට මුදාහැර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම බේරාගැනීමේ මෙහෙයුම සිදුකළ බවයි.

මන්දට හසු වී සිටි වළස් දෙනගේ කකුලේ පැටළී තිබූ කම්බිය කපා ඉවත්කර, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ආරක්ෂිතව විල්පත්තු ජාතික වනෝද්‍යානය වෙත රැගෙන ගොස් මුදාහැරීමට නිලධාරීන් පියවර ගෙන ඇත.

මෙම බේරාගැනීමේ මෙහෙයුම සඳහා විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වනජීවී කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් සහ විදුලි වැට නඩත්තු සහායකයන් ද එක්ව තිබේ.

වීඩියෝ https://www.facebook.com/watch/?v=1606098864648758