Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණ නියෝග මත කළුතර ලියනගොඩ පිහිටි ‘නළමුසු කැදැල්ල’ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ රඳවා සිටි දරුවන් දෙදෙනකු ඉකුත් 18 වැනිදා උදේ සිට අතුරුදන්වී ඇතැයි දකුණු කළුතර පොලිසිය කියයි.
එම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පාලිකා විතාන ආරච්චිලාගේ ශ්‍රියාවතී යන අය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ල අනුව මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මෙසේ අතුරුදන්වී ඇත්තේ අවුරුදු 12 හා 15 යන වයස්වල පසුවන දරුවන් දෙදෙනකු බවත් ඔවුන්ගේ භාරකරුවන් කිසිවකු නොමැති බවත් ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම 12 හැවිරිදි දරුවා මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය මගින් එවා තිබූ අයෙකු වන අතර ඔහු අඩි 05ක් පමණ උස තළෙළුලු, මුහුණ මහත අයෙකි. අවසන් වරට තද තැඹිලි පාට ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති කොට කලිසමක් හැඳ සිට ඇත.
අවුරුදු 15ක් වයසැති දරුවා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයට එවා තිබුණේ ඉකුත් නොවැම්බර් 11 වැනිදාය. ඔහු අවසන් වරට නිල් පැහැති ටී ෂර්ට් එකක් හා දුඹුරු පැහැති කොට කලිසමක් හැඳ සිට ඇත.
කළුතර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකරගේ මෙහෙයවීම යටතේ මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart