
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාන්තා නිලධාරිනියන්ගේ සහ නේවාසික රැඳවියන්ගේ මානසික හා ආධ්‍යාත්මික අභිවෘද්ධිය අරමුණු කරගනිමින් නිර්මාණය කරන ලද නව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම සහ නවීන මුළුතැන්ගෙය විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදුවිය.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්නගේ සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාරගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
එහිදී සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සිදුකළ අතර, කාන්තා අංශයේ නව මුළුතැන්ගෙය විවෘත කිරීම නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් සිදුකරන ලදී.
මෙරට බන්ධනාගාරයක් තුළ කාන්තා අංශයේ රැඳවියන්ගේ ආහාර විධිමත්ව හා සුරක්ෂිතව සකස් කිරීම සඳහා ඉදි කරන ලද ප්‍රථම මුළුතැන්ගෙය මෙය වීම විශේෂත්වයකි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ කාන්තා රැඳවියන් සමඟ බන්ධනාගාරය තුළ සිටින ළමුන්ට ද වඩාත් සෞඛ්යාරක්ෂිත හා ගුණාත්මක ආහාර ලබා දීමේ හැකියාව හිමිවේ.
බන්ධනාගාර නිරීක්ෂණ කමිටුවේ සාමාජිකාවක වන, පෑම් හයිඩ්රො පවර් සමාගමේ සභාපති මනෝජි වඩුගොඩපිටියගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මුළුතැන්ගෙය ඉදිකර තිබේ.
විවෘත කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිස මුළුතැන්ගෙයි කටයුතු නිරීක්ෂණය කිරීමට ද එක්වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart