
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී බස් රථ 03 ක් ගැටී සිදු වූ මාරක අනතුරින් මියගිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියැදුරු, අනතුර සිදුවන අවස්ථාවේදී ගංජා සහ මත්පැන් පානය කර සිට ඇති බවට මූලික පොලිස් විමර්ශන සහ වෛද්‍ය පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය රියැදුරුගේ මුත්‍රා සාම්පල සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලදී මෙම මත්ද්‍රව්‍ය දෙකම ඔහුගේ ශරීරයේ තිබූ බව තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පසුගිය නොවැම්බර් 10 වැනිදා මහනුවර – යාපනය (A9) ප්‍රධාන මාර්ගයේ රඹෑව, වැලිඔය හන්දිය ආසන්නයේදී මෙම බිහිසුණු අනතුර සිදු විය.
එම අනතුරින් ශ්‍රී ලංගම බස් රථ රියැදුරෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් මගීන් 76 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණි.
ජනකපුර සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ අක්කරපත්තුව සිට යාපනය බලා ධාවනය වූ තවත් ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. එම අවස්ථාවේදීම වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ද කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයේ පිටුපස ගැටීමත් සමඟ මෙම බස් රථ තුනම එකිනෙක ගැටී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart