November 8, 2026

සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ විසින් රැගෙන ආ ඩ්‍රෝන යානා 39 ක් අදාළ අනුමැතීන් ලබාදෙන තෙක් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.

අවශ්‍ය නියාමන අනුමැතීන් ඉදිරිපත් කර නොමැති බැවින් මෙම ඩ්‍රෝන යානා රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පැවසීය.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවශ්‍ය අනුමැතීන් ලබාගෙන ඉදිරිපත් කරන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවද ඔහු සඳහන් කළේය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව, අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන තෙක් ඩ්‍රෝන යානා 39 ම රේගු භාරයේ පවතිනු ඇත.