November 8, 2026

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකින් පහළට වැටීමෙන් 59 හැවිරිදි ව්‍යාපාරිකයෙක් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

අද(08) උදෑසන 10.55 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර, මියගිය පුද්ගලයා බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම පුද්ගලයා ගොඩනැගිල්ලෙන් අත්වැරදීමකින් පහළට ඇද වැටුණේද නැතහොත් සියදිවි හානිකර ගැනීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.