
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, රජය සමඟ සාකච්ඡා කර මුදාගැනීමට පියවර ගන්නා බවට ත්රෛනිකායික මහානායක ස්වාමීන්ද්රයන් වහන්සේලා ලබාදුන් ලිඛිත සහතිකයක් මත, පසුගිය දින 10 පුරා විහාරමහාදේවී උද්යානයේ පවත්වමින් තිබූ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවන බව පූජ්ය උලපනේ සුමංගල භික්ෂුව ප්රකාශ කළේය.
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ භික්ෂූන් වහන්සේගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටිමින් භික්ෂුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ආරම්භ කරන ලද ‘නිදහසේ පාද යාත්රාව’ යටතේ මෙම සත්යග්රහය දියත් කෙරිණි.
ඔක්තෝබර් 10 වැනි දින මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාව පරිශ්රයේ පිහිටි වැලිවිට ශ්රී සරණංකර සංඝරාජ මාහිමි ප්රතිමාව අසලින් ආරම්භ වූ මෙම පාද යාත්රාව, කඩවත සිට ගමන් කර ඔක්තෝබර් 15 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට ළඟාවිය. මගදී කිරිබත්ගොඩ, පෑලියගොඩ, මාලිගාවත්ත සහ මරදාන හරහා මෙම පිරිස කොළඹට පැමිණියහ.
ඔක්තෝබර් 16 වැනි දින මෙම පිරිස මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස් වූ අතර, පසුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය වෙත ගොස් එහි ලේකම්වරයා සමඟ සාකච්ඡා පැවැත්වූහ.
කෙසේවෙතත්, එම සාකච්ඡා අසාර්ථක යැයි සඳහන් කරමින් භික්ෂූහු පසුව විහාරමහාදේවී උද්යානය වෙත ගොස් තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් විරෝධතාව අඛණ්ඩව ගෙන යන බව ප්රකාශ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart