October 24, 2026

වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) වැඩසටහන 2027 මාර්තු මාසයෙන් අවසන් වීමට නියමිත බැවින්, ඊට පසුව ක්‍රියාත්මක වන ඉදිරි වැඩසටහනක් පිළිබඳව රජය අවධානය යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම අසීරු තීරණයක් වුවද, 2022 අප්‍රේල් 12 වන දින රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඉන් ගොඩ ඒම සඳහා එම සහාය අත්‍යවශ්‍ය වූ බව ඔහු පෙන්වා දෙයි.

ස්ථාවර අනාගතයක් වෙනුවෙන් එවැනි ඉදිරි වැඩසටහනක අවශ්‍යතාව පවතින බවත්, ආණ්ඩුව ආර්ථික ස්ථාවරත්වය සහ අනාගතය පිළිබඳව සාධනීය තීරණයක් ගත යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.