
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්රී ලංකාවේ අභිමානය ලෙස සැලකුණු, මෙරට සිටි විශාලතම සහ සුන්දරම වන හස්තියා වූ ‘කාවන්තිස්ස’ගේ කරට ‘රේඩියෝ කොලර්’ (Radio Collar) එකක් නොදැමීමට හේතුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු විසින් ජනමාධ්ය වෙත හෙළිකර තිබෙනවා.
ඔහු පවසන ආකාරයට, එම විශාල උපකරණය ඇතාගේ කරට දැමීමෙන් ඌ ගෘහාශ්රිතව ඇති දැඩි වන ඇතකු ලෙස පෙනෙනු ඇති බවත්, එමගින් වනජීවී ඡායාරූප ශිල්පීන් සහ සංචාරකයන් ඇතාගේ ඡායාරූප ගැනීමෙන් වැළකී සිටිනු ඇති බවත් සිතුණු නිසා එම පියවර ගෙන නොමැත.
කෙසේවෙතත්, වනජීවී සංරක්ෂකයන් දැඩි කණගාටුවෙන් සහ කෝපයෙන් පෙන්වාදෙන්නේ, වනජීවී දෙපාර්තමේන්තුවේ මේ අදූරදර්ශී තීරණය නිසා අවසානයේ ශ්රී ලංකාවේ අංක එකේ මීටර් පහකට ආසන්න උසකින් යුතු වූ මෙම තේජාන්විත හස්තියා ඡායාරූපයකට පමණක් සීමා වූ බවයි.
අපේ රටේ නිලධාරීන් මෙසේ සිතද්දී, ඉන්දියාවේ වෙසෙන ප්රකට ‘පාඩයප්පා’ (Padayappa) නමැති දැවැන්ත ඇතා ආරක්ෂා කිරීමට පැය 24 පුරාම විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා. එමෙන්ම අප්රිකාවේ වෙසෙන දැවැන්ත ‘සුපර් ටස්කර්’ (Super Tuskers) ඇතුන් සඳහා පැය 24 පුරාම විශේෂ බිම් මට්ටමේ සහ ගුවන් මෙහෙයුම් මගින් තනි තනිව නිරීක්ෂණය කරමින් ආරක්ෂාව සලසනවා.
එහෙත්, අපේ රටේ වනජීවී දෙපාර්තමේන්තුව කරන්නේ මේ තේජාන්විත සතුන්ගේ ලස්සන (Aesthetic value) විතරක් බලලා, ඡායාරූප සහ වීඩියෝ තරග පවත්වමින් සංචාරකයින් ගෙන්නගන්න වෙළඳ භාණ්ඩයක් ලෙස උන්ව පාවිච්චි කිරීම පමණක් බවට දැන් පරිසරවේදීන්ගෙන් දැඩි චෝදනා එල්ල වෙනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart