
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන හෝ නඩු පවරා ඇති පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබූ නිලධාරීන් සහ හිටපු නිලධාරීන් තිදෙනෙකු එම ලැයිස්තුවට ඇතුළත් නොවිය යුතුව තිබූ බව ප්රවාහන අමාත්ය බිමල් රත්නායක ප්රකාශ කළේය.
පසුගිය ඔක්තෝබර් මුල් භාගයේදී අමාත්ය රත්නායක විසින්, නඩු පවරා ඇති හෝ චෝදනා විමර්ශනය කෙරෙන පුද්ගලයන් 50 දෙනකුගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
බ්රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතමින් අමාත්යවරයා පැවසුවේ, “එහි සඳහන් නම් තිදෙනෙක් සම්බන්ධයෙන් මා තුළ කණගාටුවක් තිබෙනවා. විශේෂයෙන්ම රූපවතී කේතීස්වරන් මහත්මිය, තිලාන් විජේසිංහ මහතා සහ හිටපු අතිරේක ලේකම්වරයෙකු වන ජයන්ත ප්රනාන්දු මහතා යන අයයි. මා විසින් එම නම්ද ලැයිස්තුගත කර තිබුණා. ඔවුන් හිටපු හෝ වත්මන් නිලධාරීන් විය හැකි නමුත්, මාගේ කරුණු දැක්වීමට ඔවුන් අවශ්ය වන්නේ නෑ.” යනුවෙනි. “එබැවින් ඔවුන්ට යම් හානියක් සිදුවූයේ නම් ඒ පිළිබඳව මා කණගාටුව ප්රකාශ කරනවා,” යැයිද අමාත්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අමාත්යවරයා අවධාරණය කර සිටියේ මෙම නඩු පැවරීම් හෝ විමර්ශනයන් පළිගැනීමේ අරමුණින් සිදුනොකරන බවත්, වසර ගණනාවක් පුරා සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් විවිධ විමර්ශන පමණක් ක්රියාත්මක වන බවත්ය. (The Sunday Island)



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart