October 25, 2026

පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ ඇතුළු ප්‍රධාන සැක­ක­රු­වන් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටින නිසා සාක්ෂි­ක­රු­වන් බිය­කින් තොරව, දීර්ඝ ප්‍රකාශ දෙමින් සිටින බව අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. ආන්දෝ­ල­නා­ත්මක ක්‍රිෂ් ගනු­දෙ­නු­වට අදා­ළව අල්ලස් කොමි­සම විසින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ පවරා ඇති නඩු­වේදී සිකු­රාදා (23) මේ බව සඳ­හන් කෙරිණි.

මේ නඩු­වට අදාළ ව චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ සහ ක්‍රිෂ් සමා­ගමේ හිටපු අධ්‍ය­ක්ෂ­ව­රි­යක වන ජානකී සිරි­ව­ර්ධන මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටිති. පසු­ගිය නඩු වාරයේ නාමල් රාජ­පක්ෂ වෙනු­වෙන් සිදු කළ ඇප ඉල්ලීම සම්බන්ධ නියෝ­ගය කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අසංග එස්. බෝද­ර­ගම සිකු­රාදා ප්‍රකා­ශ­යට පත් කළ අතර, ඇප අයැ­දුමේ ඉදි­රි­පත් කර ඇති කරුණු අධි­ක­ර­ණ­යට පිළි­ගත නොහැකි නිසා ඇප ඉල්ලීම ප්‍රති­ක්ෂේප කරන බවද සඳ­හන් කළේය.

මේ සම්බ­න්ධ­යෙන් වැඩි­දු­ර­ටත් කරුණු දක්ව­මින් කොමි­සම සඳ­හන් කළේ මේ සිදු­වී­මට සම්බන්ධ තවත් සැක­කා­රි­යක පිළි­බඳ කරුණු අනා­ව­ර­ණය කර­ගෙන ඇති බවයි.

ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් ප්‍රයි­වට් ලිමි­ටඩ් ආය­ත­නයේ අධ්‍ය­ක්ෂ­ව­රි­යක ලෙස ඇයද කට­යුතු කර තිබේ. බැංකු වාර්තා මඟින් අනා­ව­ර­ණය වී ඇති ආකා­ර­යට රු. මිලි­යන 70ක ගනු­දෙ­නු­වට ඇය ඍජු­වම මැදි­හත් වී තිබේ.

මෙහිදී වැඩි­දු­ර­ටත් අධි­ක­ර­ණය ඉදි­රියේ කරුණු දක්ව­මින් කොමි­සම සඳ­හන් කළේ ක්‍රිෂ් සමා­ගමේ සේවය කළ සේව­ක­යන් මීට පෙර ප්‍රකාශ නොකළ කරුණු ප්‍රකාශ කිරී­මට කැමැත්ත දක්වා තිබෙන බවයි. මූලික වශ­යෙන් සාක්ෂි­ක­රු­වන් දෙදෙ­නකු මීට පෙර වැද­ගත් කරුණු ඉදි­රි­පත් නොක­ළත්, මේ වන විට සැක­ක­රු­වන් බන්­ධ­නා­ගා­ර­ග­තව සිටින නිසා දීර්ඝ ප්‍රකා­ශ­යක් ලබා දී ඇති බවයි. ඔවුන් ලේඛන කිහි­ප­යක් ද ඉදි­රි­පත් කර ඇති බව මෙහිදී සඳ­හන් කෙරිණි.

මෙහිදී සැක­කාර නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා වෙනු­වෙන් පෙනී සිටි ජනා­ධි­පති නීතිඥ අලි සබ්රි පැව­සුවේ මේ විම­ර්ශන අව­සන් කරන්නේ කව­දාද, මේක දේශ­පා­ලන අව­ශ්‍ය­තා­වක් යනු­වෙනි.(සිළුමිණ)