October 22, 2026

2026 සැප්තැම්බර් 10 වන දින ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණයකට අනුව පුනර්ජනනීය බලශක්ති ගාස්තු සහ බලශක්ති කප්පාදුව වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයින්ට ගෙවිය යුතු වන්දි පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එහිදී ඔහු පැවසුවේ ගෙවා ඇති සහ ගෙවීමට හිඟ ඇති වන්දි මුදල් සහ බලශක්ති ප්‍රමාණයන් රජය විසින් හෙළිදරව් කළ යුතු බවය.

මෙම හිඟ මුදල් පියවන්නේ කවදාද යන්න පිළිබඳවද මන්ත්‍රීවරයා එහිදී කරුණු විමසා සිටියේය.

විදුලිය විසන්ධි වූ ප්‍රදේශ නැවත යථා තත්ත්වයට පත් කිරීමට ගතවූ කාලය පිළිබඳවද ඔහු විමසීය. රෝහල්, ජල පිරිපහදු මධ්‍යස්ථාන සහ විදුලි සංදේශ සේවා ආරක්ෂා කිරීමට ගත් පියවර මොනවාදැයි ඔහු ප්‍රශ්න කළේය.