October 21, 2026

ඉකුත් දා රට පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට නොරොච්චෝලේ විදුලි බලාගාරය ක්‍රියා විරහිත වීම හේතුවක්ද නැතහොත් එහි ප්‍රතිඵලයක්ද යන්න පැහැදිලි කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

බාල ගල්අඟුරු පිළිබඳ චෝදනාවලට පිළිතුරු දීම සඳහා ස්වාධීන ගල්අඟුරු තත්ත්ව පරීක්ෂණ සහ මෙහෙයුම් වාර්තා සභාගත කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

විදුලි බිඳවැටීමට පෙර පැවැති සූර්ය බලශක්ති උත්පාදනය, සමස්ත විදුලි ඉල්ලුම සහ පවතින අතිරික්ත ධාරිතාව පිළිබඳ තොරතුරුද ඔහු විමසා සිටියේය.

එමෙන්ම පද්ධතිය බිඳවැටුණු අවස්ථාවේදී සූර්ය බලශක්ති පද්ධති විසන්ධි කිරීමට හේතු වූ කරුණු මොනවාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මෙයට අමතරව පෙබරවාරි මාසයේදී සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු නිකුත් කළ නියාමන උපදෙස් ක්‍රියාත්මක කළ ආකාරය පිළිබඳවද ඔහු කරුණු විමසා සිටියේය.