
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමාව ‘සිරගත කර’ දින 50ක් ගතව ඇති බව පවසමින්, රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ විසින්, කාල්ටන් නිවස, තංගල්ල ලිපිනයේ සිට, පාර්ලිමේන්තු ලිපි සිරස්තලයක් යටතේ නිවේදනයක් නිකුත්කර ඇත.
පහතින් දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ නිකුත්කළ එම නිවේදනයයි.
හෙට දිනට මා සිරගත වී දින 50කි…
සිර ගෙදර බිත්ති මා වටා ඇතත්, එම බිත්ති වලට මෙපිටින් ජනතා පවුරක් ඇති බව මම දනිමි. මා සිර ගත කර තැබීමට උත්සහ කිරීම යම් පිරිසකගේ පීඩනය හඳුනා ගැනීමට හැකි නිදසුනකි. මේ රටේ මව්වරුන්ගේ, පියවරුන්ගේ සහ ඔබ සැමගේ ආදරය සේම ශ්රී ලාංකිකයින්ගේ විජයග්රහණයට මූලික වූ මහින්ද රාජපක්ෂගේ ලොකු පුතා වීම ද එයට හේතු වූවා දැයි මට සිතේ.
දේශපාලනය යනු රැස්වීම්, උද්වේගකර කතා සහ අත්පොළසන් නොවේ. මා සිරගත කර ඇතත් සිතුවිලි නිදහස් ය. මේ වචන නිදහස් ය. මෙම දින පනහක කාලය යනු මාගේ ජීවිතයෙන් අහිමි වූ කාලයක් නොව, ජීවිතය නැවත ඉගෙන ගත් කාලයක් ලෙස මම දැන් දකිමි.
රටක සංස්කෘතියකට සිදු කළ හැකි විශාලතම හානිය එම සංස්කෘතිය මරා දැමීම පමණක් ම නොවේ. එයට නිසි ගෞරවය නොදැක්වීම ද සිදු කළ හැකි විශාල හානියකි. රටක් ලෙස එක්ව ආදරය කළ ගරු ගාම්භීර සද්දන්ත කුලයේ උරුමයක් වූ කාවන්තිස්ස ඇත් රජුව රැක ගැනීමට අපොහොසත් වීම අපව වේදනාවට පත් කර ඇත. රටක මුල් පුරවැසියා යනු මේ භූමියේ හුස්ම ගන්නා සෑම ජීවියෙකුගේම භාර කරුවාය. ඔහු මේ පොළවේ ජීවය, උරුමය අනාගත පරපුරට ඉතිරි කර දෙන ඇපකරුවාය. තමා භාරයට ගත් භූමියේ සෑම ජීවියෙකුට ම ආරක්ෂිතව ජීවත් වීමට නිදහස ලබා දුන් මුල් පුරවැසියෙකු අපට සිටි බව මේ රටේ සාමාන්ය පුරවැසියෙකු ලෙස මම ගෞරවයෙන් සඳහන් කරමි. ඒ මාගේ පියා බව පුතෙකු ලෙස අභිමානයෙන් සඳහන් කරමි.
මගේ පියා මේ රටේ දේශපාලන සංස්කෘතිය තුළ විසල් ගැඹුරු අඩි තබමින් ඇවිද ගිය මිනිසෙකි. අදටත් මේ රටේ ජනතාවගේ ආදරය නොඅඩුව දිනාගත් තැනැත්තෙකි. මාතෘභූමියේ නිදහස වෙනුවෙන් ගෙවිය යුතු වටිනාකම වන්නේ දුක්, වේදනා සහ ගැරහීම් බව තාත්තා සැමදා දැන සිටියේ ය. නමුත් තමන් රැක ගත් රට, ජාතිය, ආගම සහ හර පද්ධතීන් ඉලක්ක කර ගනිමින් විවේචනයන් සහ පහර ගැසීම් සිදු වනු ඇතැයි ඔහු කිසි දින නොසිතන්නට ඇත. අප මව්රට දේශපාලනිකව ඝාතනය වනු ඇතැයි ඔහු නොසිතන්නට ඇත.
විවේචන සහ පහරදීම් යනු එකක් නොවේ. ප්රජාතන්ත්රවාදී සමාජයක ආගම, සංස්කෘතිය පිළිබඳ සිවිල් සංවාදයක් තිබිය හැක. මා එයට එකඟය. එය අපරාධයක් නොවේ. අපරාධය වන්නේ අපහාස කිරීමය. සත්ය විකෘති කරමින් වෛරය සහ ප්රචණ්ඩත්වය පැතිරවීම ය. අප රට සංස්කෘතිකමය බෞද්ධ රටකි. බුදු දහමට සහ සංස්කෘතියට පහර දීම අපගේ අනන්යතාවයට එරෙහිව සිදු කරන අපරාධයකි. තමන්ගේ ආගමට ගරු නොකරන පුද්ගලයෙකුට අන් ආගමකට සැබෑ ගරුත්වයක් දිය නොහැක. එසේ මවා පෙන්වන්නේ නම් යම් අවස්ථාවක දී එය ගරුත්වයක් නොව ගරුත්වයේ වෙස් ගත් ඉල්ලීමක් පමණක් විය හැක.
ආගම යනු තරඟයක් නොවන සහජීවනයකි. ප්රදර්ශනයක් නොවන අවබෝධයකි. රටක්, එම රටේ සම්පත්, සංස්කෘතිය සහ උරුමය විහිලුවට මෙන්ම හෑල්ලුවට ලක් කිරීම නොකළ යුත්තකි. විහිලුවට ලක් වූ දෙයක් නැවත ගෞරවයට පත් කිරීමට නොහැකි වීම එයට හේතුවයි. අප මෙයින් ආරක්ෂා විය යුත්තේ නීතියට ගරු කරමින් ඉතා හොඳ අවබෝධයෙනි.
ජනතාව ගෙවා දමන්නේ ඉතා අපහසු කාල පරිච්ඡේදයකි. රටක් ලෙස වහා අවධානය යොමු කළ යුතු බැරෑරුම් ගැටලු සෑම ක්ෂේත්රයකම පවතී. භාණ්ඩාගාර පිරී ඉතිරී යන බව පවසන එහෙත් ජනතාවට කිසිදු සහනයක් හිමි නොවූ රටක ජීවත් වන්නට අපට සිදුව ඇත. ආයෝජන අවස්ථා රටට අහිමි ව ඇත. මෙවැනි බරපතල අවස්ථාවක රටක ප්රශ්නවල බර එක පවුලක් පිටුපස සැඟවීමට උත්සහ කිරීම හාස්යජනක ය. එය ඔවුන්ගේ නොහැකියාව බව මාගේ සිතුවිල්ලයි. ඉදිරි දිනෙක අප සැම විශ්වාස කරනු ලබන අධිකරණයෙන් මම නිදොස්කොට නිදහස් වන බව විශ්වාස කරමි.
මා සිරගත කිරීම තුළින්,
විදුලි බිල තුනෙන් දෙකකින් අඩු කළ හැකි නම්,
නැවෙන් ගෙන්වන මිලටම ඉන්ධන ලබා දිය හැකි නම්,
මාස හයෙන් හයට වැටුප් වැඩි කළ හැකි නම්,
ඇප නැති, පොලී නැති බැංකු ණය ලබා දිය හැකි නම්,
ලක්ෂ 12ක් වැනි මිලකට vitz වාහන ලබා දිය හැකි නම්,
එක පෑන් පහරින් සහල් මිල අඩු කළ හැකි නම්,
සෞඛ්ය, අධ්යාපන, සහ අත්යවශ්ය භාණ්ඩ මත පනවා ඇති බදු සම්පුර්ණයෙන් ඉවත් කළ හැකි නම්,
මගේ රටට යහපතක් වේ නම්,
රටේ සංස්කෘතිය ආරක්ෂා වේ නම්,
මට දින 50ක් නොව 500ක් වුවද සිරගතව සිටිය හැක.
එවිට, මා වටා ඇති බිත්ති සහ යකඩ දොරටු විවෘත අහසක් බව කියමි. මහින්දගේ ලොකු පුතා එය සතුටින් සිදු කරනු ඇත. මන්ද, අවසානයේ සැබෑ ජයග්රහණය යනු බලය නොව, ජනතාවගේ හදවත තුළ දිනා ගන්නා ස්ථානය බව මා පියාගෙන් ඉගෙන ගෙන ඇත.
ඔබට මා සිරගත කළ හැකි වුවත්, අප කඳවුරේ ජනතා අභිලාෂය සිරගත කළ නොහැකි බව මතක් කරමි…
නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු සංකීර්ණය
2026.10.23
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart