October 24, 2026

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්ලේවැව දයාසිරිගම තම මාමාගේ නිවසට නිවාඩුව ගතකිරීමට ජාඇල දඬුගම සිට පැමිණි 15 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමේ සිටි පස් හැවිරිදි පිරිමි දරුවෙක් හා අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා විදුලිය ඇද තිබූ නිවෙස් හිමියා වන 41 හැවිරිදි දෙදරු පියා විදුලිසර වැදී මියගොස් ඇත.

අනතුරින් තවත් අයකු දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අංක දඬුගම ජාඇල පදිංචි අශේන් එවොන් (05) පිරිමි දරුවා සහ ඇල්ලේ වැව පදිංචි ලියනගේ දිලුම් පෙරේරා (41) යන දෙදෙරු පියෙකි.

ජාඇල සිට ඇල්ලේ වැට තම මාමාගේ නිවසට නිවාඩුව ගතකිරීමට 23 දින උදේ පැමිණි වැඩිහිටි 10 ක් සහ ළමයි 05 ක් ඇතුළු 15 දෙනකු පසුව ජාඇල සිට පැමිණි නැදෑ පිරිස වාහනයෙන් බසින විටම අසා ඇත්තේ විදුලිය විසන්ධි කර ඇතිද යන්නය.

නිවෙස් හිමියා වන මියගොස් ඇති දයාසිරි පෙරේරා යන අය විශ්වාසයෙන් යුතුව පවසා ඇත්තේ විදුලිය විසන්ධි කර ඇති බවයි.

ඉන්පසු ඔවුන් වාහනයෙන් බැස ඇති අතර, කණ්ඩායමේ සිටි ළමයි සෙල්ලම් කරන අවස්ථාවේ අලින්ට ඇද තිබුණු විදුලි රැහැනේ ළමයා වැදීමෙන් පසු ළමයා බේරාගැනීමට ගිය නිවෙස් හිමියා ඇතුළු දෙදෙනාම එතැනම මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය පවසයි.

(උපුටාගැනීම – දිවයින)