October 24, 2026

ඊයේ(23) සවස වැල්ලවත්ත ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටළා තායිලන්ත ජාතික කාන්තාවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

වැල්ලවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරකට අනුව වැල්ලවත්ත පොලිස් බලප්‍රදේශයේ මැරීන් ඩ්‍රයිව් ප්‍රදේශයේදී මෙම වැටළීම සිදුකර ඇත.

මෙම ආයතනය මෙහෙයවූ බවට සැකකෙරෙන කාන්තාවකද, ගණිකා වෘත්තියේ යෙදී සිටි බවට චෝදනා එල්ල වූ වයස අවුරුදු 35 ත් 43 ත් අතර පසුවන තායිලන්ත ජාතික කාන්තාවන් සිව්දෙනා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.