
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ බහ්රයිච් දිස්ත්රික්කයේ, ඉන්දියා-නේපාල දේශසීමාව ආසන්නයේ රාජ්ජන්වා මුරපොළ අසලදී ශ්රී ලාංකිකයන් තිදෙනකු සහ තමිල්නාඩු ප්රාන්තයේ කාන්තාවක ඇතුළු සිව්දෙනකු ඉන්දීය දේශසීමා ආරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බදාදා රාත්රියේ මෙම පිරිස වනාන්තර මාර්ගයක් ඔස්සේ නේපාලයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී අන්තර්ජාතික දේශසීමාව ආසන්නයේදී ආරක්ෂක නිලධාරීන් විසින් නතරකරනු ලැබූ බව වාර්තා වේ.
නිලධාරීන් ලබාදුන් මූලික තොරතුරුවලට අනුව, මෙම සිව්දෙනා ත්රිරෝද රථයකින් දේශසීමා ප්රදේශයට පැමිණ ඇති අතර, නේපාලයට යන මාර්ගය පිළිබඳව විමසමින් සිටියදී නිරීක්ෂණය වී තිබේ.
භාෂා ගැටලුවක් හේතුවෙන් මුරපොළේ නිලධාරීන්ට මෙම පිරිස සමඟ සන්නිවේදනය කිරීමේදී අපහසුතා මතුව ඇති අතර, ඒ හේතුවෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා සිද්ධිය සීමා ආරක්ෂක බලකාය වෙත යොමුකර තිබේ. අනතුරුව එම නිලධාරීන් පිරිසගෙන් ප්රශ්න කර ඔවුන් සතුව තිබූ බඩුබාහිරාදිය සහ ලේඛන පිළිබඳ මූලික පරීක්ෂාවක් සිදුකර ඇත.
එහිදී ශ්රී ලාංකිකයන් තිදෙනාට අයත් විදේශ ගමන් බලපත්ර සොයාගෙන තිබේ. එම ගමන් බලපත්රවලට අදාළ වීසා බලපත්රවල වලංගු කාලය මාස තුනකට පමණ පෙර අවසන් වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නිලධාරීහු පැවසූහ.
මේ හේතුවෙන් ඔවුන්ගේ ආගමන විගමන තත්ත්වය සහ දේශසීමා ප්රදේශයට පැමිණි ආකාරය පිළිබඳව ප්රශ්න මතුව තිබේ. අනතුරුව වැඩිදුර ප්රශ්න කිරීම් සහ නීතිමය ක්රියාමාර්ග සඳහා අත්අඩංගුවට ගත් සිව්දෙනා මූර්තිහා පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයන් තිදෙනා යාපනයේ පදිංචිකරුවන් වන අජිත් කුමාර් (39), කෞෂල්යා (38) සහ ප්රභාප් (38) ලෙස හඳුනාගෙන තිබේ. සිව්වැනි පුද්ගලයා තමිල්නාඩු ප්රාන්තයේ පදිංචි ධර්ම් සුධාකර් (35) නමැති කාන්තාවකි. වාර්තාවේ සඳහන් වන්නේ ඇය සුධාකර්ගේ බිරිඳ බවයි.
රාජ්ජන්වා මුරපොළ ආසන්නයේ දේශසීමාවට යාබද වනාන්තර ප්රදේශයක් ඔස්සේ මෙම පිරිස නේපාලයට ඇතුළු වීමට උත්සාහ කර ඇති බවට විමර්ශකයෝ සැක පළකරති.
ඔවුන් එම ප්රදේශයට පැමිණීමට හේතුව, මෙම ගමන කළින් සැලසුම් කළ එකක්ද යන්න සහ නේපාලයේ ඔවුන් යෑමට අපේක්ෂා කළ ගමනාන්තය කුමක්ද යන්න පිළිබඳව පොලිසිය විමර්ශනය කරමින් සිටියි. එමෙන්ම ඔවුන් එකිනෙකා සමඟ ඇති සම්බන්ධතාව සහ ගමනට අදාළ තත්ත්වයන් පිළිබඳවද තහවුරු කරගැනීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart