
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 2026 ආසියානු පැරා ක්රීඩා උළෙලේ යගුලිය විසිකිරීමේ තරගයෙන් රිදී පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා ක්රීඩක පාලිත බණ්ඩාර සමත්ව තිබේ.
මීටර් 14.02 ක දක්ෂතාවයක් දක්වමින් පාලිත බණ්ඩාර මෙම රිදී පදක්කම තහවුරු කරගත් අතර, එමගින් මෙවර ක්රීඩා උළෙලේ ශ්රී ලංකා පදක්කම් ලැයිස්තුවට තවත් පදක්කමක් එක්විය.
අද (23) උදෑසන, ප්රදීප් සෝමසිරි සහ ජනනි ධනංජනා වික්රමසිංහ ශ්රී ලංකාවට රත්රන් පදක්කම් දෙකක් එක්කළහ.
පිරිමි මීටර් 1,500 (T46) තරගයෙන් ප්රදීප් සෝමසිරි රත්රන් පදක්කම දිනාගත් අතර, එහි රිදී සහ ලෝකඩ පදක්කම් පිළිවෙලින් ඉන්දියාවේ සහ පිලිපීනයේ ක්රීඩකයින් විසින් දිනාගන්නා ලදී.
මේ අතර, කාන්තා දුර පැනීම (T47) තරගයෙන් මීටර් 5.52 ක දුරක් පනිමින් නව තරග වාර්තාවක්ද තබමින් රත්රන් පදක්කම දිනා ගැනීමට ජනනි ධනංජනා වික්රමසිංහ සමත් වූවාය.
පාලිත බණ්ඩාරගේ රිදී පදක්කමත් සමගින්, මෙවර ක්රීඩා උළෙලේ මෙම තරග ඉසව් තුනෙන් පමණක් රත්රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනාගැනීමට ශ්රී ලංකාව සමත්ව සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart