
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නියමිත නීතිමය පටිපාටියෙන් බැහැරව විශ්රාමික ගුරුවරියක සහ ඇගේ පුත්රයා නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන, ශාරීරික හා මානසික හිංසනයට ලක්කළ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේගයේ පාලනය යටතේ පවතින කිරින්ද පුහුල්වැල්ල ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පස්දෙනෙකු ඇප මත මුදාහැරීමට මාතර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
විශ්රාමික ගුරුවරියක සහ ඉංජිනේරුවරයෙකු වන ඇගේ පුත්රයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, ප්රාදේශීය සභා නිලධාරීන් ඇතුළු මෙම සැකකරුවන් පස්දෙනා ඊයේ තිහගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
වාර්තා වන ආකාරයට මෙම සිදුවීමට මුල් වී ඇත්තේ කිරින්ද, වඩිගවත්ත මාර්ගයේ තාප්පයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලකි. ප්රාදේශීය සභාවේ තාක්ෂණික නිලධාරියෙකු අසල පිහිටි සිය ඉඩමේ ඉදිකළ තාප්පයක් හේතුවෙන් අදාළ ඉංජිනේරුවරයාට සිය රථය නිවසින් පිටතට ගැනීමට බාධා එල්ල වීමත් සමඟ මෙම අර්බුදය හටගෙන ඇත.
අනතුරුව, එම ඉදිකිරීමේ නීත්යානුකූලභාවය පිළිබඳව සාකච්ඡා කිරීමට සහ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් සූදානම් කිරීම සඳහා ප්රාදේශීය සභා සභාපතිවරයා විසින් විශ්රාමික ගුරුවරිය සහ ඇගේ පුත්රයා සභා පරිශ්රය වෙත කැඳවා තිබේ.
එහිදී ඔවුන් දෙදෙනා ප්රාදේශීය සභා පරිශ්රයේ කාමරයක සිරකර තබමින් ශාරීරික හා මානසික වධහිංසාවලට ලක්කළ බවට චෝදනා එල්ල වී ඇත.
තිහගොඩ පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කෙරුණු අතර, නීතිමය සහ දේශපාලන බලය අවභාවිත කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනුණි.
අනතුරුව සැකකරුවන් මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, දෙපාර්ශවයේම කරුණු දැක්වීම් සලකා බැලූ මහේස්ත්රාත්වරයා ඔවුන් පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart