
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංග්ලාදේශයේ වයස අවුරුදු 18ට අඩු තරුණියන්ගෙන් අඩකට ආසන්න පිරිසක් බාලවයස්කාර විවාහයන්ට ගොදුරුවී ඇති බවත්, ගැහැණු ළමුන් පාසල් අධ්යාපනය තුළ තබා ගැනීමට සහ බාලවයස්කාර විවාහ සඳහා ඉඩකඩ සලසන නීතිමය හිඩැස් වහාම වසා දැමීමට කටයුතු කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටී.
Bangladesh Multiple Indicator Cluster Survey 2025 වාර්තාවට අනුව වයස අවුරුදු 20ත් 24ත් අතර පසුවන කාන්තාවන්ගෙන් සියයට 47.2ක්ම වයස අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වී ඇති බව අනාවරණය වී ඇත.
බංග්ලාදේශයේ තෙදින නිල සංචාරයක නිරත වූ යුනිසෙෆ් හි විධායක අධ්යක්ෂිකා කැතරින් රසල් මෙම ගැටලුව කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, ළමුන්ගේ අධ්යාපනය, සෞඛ්යය සහ ආරක්ෂාව උදෙසා වහාම ආයෝජනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියාය.
“ගැහැණු ළමුන් පාසල් අධ්යාපනය තුළ තබා ගැනීම සහ ඔවුන්ට අවශ්ය සෞඛ්ය, අධ්යාපන හා ආරක්ෂණ සේවාවන් ලබා දීම මගින් එම දරුවන්ට, ඔවුන්ගේ සමාජයට මෙන්ම සමස්ත බංග්ලාදේශයටම දීප්තිමත් අනාගතයක් උදාකර දෙනු ඇත,” යැයි රසල් පැවසුවාය.
බාලවයස්කාර විවාහ හේතුවෙන් ගැහැණු ළමුන්ගේ අධ්යාපනය අඩාල වන අතර, එය අඩු වයසින් ගැබ් ගැනීමටත්, ඉදිරි අනාගතයේ හිමිවන අවස්ථාවන් ඇහිරී යාමටත් හේතු වන බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි. එබැවින් ගැහැණු දරුවන්ට ද්විතීයික අධ්යාපනය සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීම සහ බාලවයස්කාර විවාහයන්ට ඉඩ සැලසෙන ජාතික නීතිවල පවතින හිඩැස් වසා දැමීම අත්යවශ්ය බව එම ආයතනය අවධාරණය කරයි.
මෙම සංචාරය අතරතුර අවධානයට යොමු වූ විශේෂ සිදුවීමක් වූයේ 14 හැවිරිදි වියේදී විවාහ කරදීමට සූදානම් වූ බුෂ්රා නමැති දැරියයි. යුනිසෙෆ් සහාය ලබන ළමා ආරක්ෂණ මධ්යස්ථානයක ප්රජා නායකයින් මැදිහත් වී ඇගේ පියා සමඟ සාකච්ඡා කර එම විවාහය වැළැක්වීමට කටයුතු කර තිබුණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart